WEBVTT 00:00:04.896 --> 00:00:11.106 අපි ඉන්නේ වොෂිංටන් ඩී සී හි ජාතික කලාගාරයේ. 00:00:11.106 --> 00:00:14.505 මේ අපි නරඹන්නේ ෆ්රැන්සුවා බූෂේ විසින් අඳින ලද වීනස් ආදරය සනසන හැටි නම් වූ කලා කෘතියයි. 00:00:14.505 --> 00:00:17.356 මෙම පින්තූරය අඳින ලද්දා යැයි සැලකෙන්නේ 1751 දී. 00:00:17.356 --> 00:00:19.189 එය මිහිරියි. 00:00:19.189 --> 00:00:21.122 ඔව් එය එහෙමයි. 00:00:21.122 --> 00:00:27.322 මෙහි දී අපි දකිනවා වීනස් කෝණාක්ෂ ආකාරයකින් පින්තූරයේ මැද සිටින ආකාරය. 00:00:27.322 --> 00:00:34.392 එය අපිට මතක් කරන්නේ අපි බරොක් සම්ප්රාදයෙන් ඇවිත් දැන් ඉන්නෙ රොකෝකෝ සම්ප්රදායේ කියා. 00:00:34.423 --> 00:00:37.507 ඔව්, මෙහි ඇත්තේ ලස්සන වීනස් නිර්වස්ත්රව ඉන්නා ආකාරයයි. 00:00:37.646 --> 00:00:46.525 ඇයගේ වම් අත ඇයගේ සිරුර මැද්දෙන් ඇවිත් ඇය දඟකාර අනංගයාගේ ඊතල උදුරා ගන්නට උත්සාහයක යෙදෙනවා. 00:00:46.725 --> 00:00:46.725 ඔහුට දඟකාර වෙන්න ඉඩ නොදෙන්න. 00:00:46.725 --> 00:00:54.564 ජනතාව ආදරයෙන් පොළඹවා ආශාවන් උපදවන දඟකාර අනංගයාගේ ඊතල සොරකම් කරන්නට උත්සාහයක්. 00:00:54.564 --> 00:01:02.685 අපට මෙය රොකෝකෝ සම්ප්රදාය කියා මතක් කරන්නේ සුමුදු කොළ හා රෝස යන පාට වලින් පින්තූරය ඇඳ තිබීමයි. 00:01:02.700 --> 00:01:11.507 අපි පිළිගත් විශ්වාසයන් මඳකට නවතලා මෙහි දී නිර්මාණය කර ඇත්තේ ෆැන්ටසියක් සිහිනයක් වැනි අවස්ථාවකට පිවිසීමක්. 00:01:12.801 --> 00:01:12.801 බලන්න මේ පරිසරය දිහා. එය පැහැදිලි සහ අපහැදිලි බවින් දෙකෙන්ම යුතුයි. 00:01:12.801 --> 00:01:12.801 මේ දකුණු පැත්තට බරව මැද්දෙ තියෙන ගහ දිහා බලන්න. 00:01:12.801 --> 00:01:16.231 ඒ එක්කම ඈතින් ගහක් ද දකින්න තියෙනවා. 00:01:17.540 --> 00:01:17.540 ඒ දෙක අතර වැඩි දුරක් නැහැ. 00:01:17.540 --> 00:01:17.541 ඒ නිසා මෙය අවකාශය පිළිබඳව සත්ය පිළිබිඹුවක් නෙමෙයි. 00:01:17.541 --> 00:01:22.522 පරිසරයේ ස්වභාවික පිළිබිඹුවක් උපදවන්න අදහසක් නැහැ. 00:01:23.598 --> 00:01:28.224 මෙයින් පෙන්වන්නට හදන්නේ දඟකාර සිත් පිනවන අභිලාෂයන්. 00:01:28.916 --> 00:01:34.507 ආවේගයන් ගැන, වස්තු සම්පත් ගැන, ආදරය සහ ආශාවන් ගැන පින්තූරයක්. 00:01:34.784 --> 00:01:39.597 මේ පින්තූරය අඳින්නට මුදල් දී ඇත්තේ මැඩාම් පොම්පඩූරා විසින්. 00:01:39.874 --> 00:01:39.874 ඇය තමයි රජුගේ අනියම් කාන්තවක් වූවා යැයි සැලකෙන්නේ. 00:01:39.874 --> 00:01:45.681 සමහර අය කියනවා මෙහි වීනස් නිරූපනයට චිත්රයට පෙනී සිටියේ ද ඇයයි කියා. 00:01:45.804 --> 00:01:45.804 ඇය රූමත්බව කියාපාන ආදර්ශයක් වූවා. 00:01:45.804 --> 00:01:50.744 මේ පින්තූරය ඒ කාලවකවාණුවේ තිබි උනන්දුව පෙන්නුම් කරන්නක්. 00:01:52.282 --> 00:01:52.282 මෙය ප්රංශ විප්ලවයට පෙර අඳින ලද්දා වූවක්. 00:01:52.282 --> 00:01:58.974 මෙම චිත්රය අවධානය යොමු කරන්නේ ආවේග වලට, සිත් පිනවන ශාරීරික තෘප්තියට.