අපි ඉන්නේ වොෂිංටන් ඩී සී හි ජාතික කලාගාරයේ.
මේ අපි නරඹන්නේ ෆ්‍රැන්සුවා බූෂේ විසින් අඳින ලද වීනස් ආදරය සනසන හැටි නම් වූ කලා කෘතියයි.
මෙම පින්තූරය අඳින ලද්දා යැයි සැලකෙන්නේ 1751 දී.
එය මිහිරියි.
ඔව් එය එහෙමයි.
මෙහි දී අපි දකිනවා වීනස් කෝණාක්ෂ ආකාරයකින් පින්තූරයේ මැද සිටින ආකාරය.
එය අපිට මතක් කරන්නේ අපි බරොක් සම්ප්රාදයෙන් ඇවිත් දැන් ඉන්නෙ රොකෝකෝ සම්ප්රදායේ කියා.
ඔව්, මෙහි ඇත්තේ ලස්සන වීනස් නිර්වස්ත්‍රව ඉන්නා ආකාරයයි.
ඇයගේ වම් අත ඇයගේ සිරුර මැද්දෙන් ඇවිත් ඇය දඟකාර අනංගයාගේ ඊතල උදුරා ගන්නට උත්සාහයක යෙදෙනවා.
ඔහුට දඟකාර වෙන්න ඉඩ නොදෙන්න.
ජනතාව ආදරයෙන් පොළඹවා ආශාවන් උපදවන දඟකාර අනංගයාගේ ඊතල සොරකම් කරන්නට උත්සාහයක්.
අපට මෙය රොකෝකෝ සම්ප්රදාය කියා මතක් කරන්නේ සුමුදු කොළ හා රෝස යන පාට වලින් පින්තූරය ඇඳ තිබීමයි.
අපි පිළිගත් විශ්වාසයන් මඳකට නවතලා මෙහි දී නිර්මාණය කර ඇත්තේ ෆැන්ටසියක් සිහිනයක් වැනි අවස්ථාවකට පිවිසීමක්.
බලන්න මේ පරිසරය දිහා. එය පැහැදිලි සහ අපහැදිලි බවින් දෙකෙන්ම යුතුයි.
මේ දකුණු පැත්තට බරව මැද්දෙ තියෙන ගහ දිහා බලන්න.
ඒ එක්කම ඈතින් ගහක් ද දකින්න තියෙනවා.
ඒ දෙක අතර වැඩි දුරක් නැහැ.
ඒ නිසා මෙය අවකාශය පිළිබඳව සත්‍ය පිළිබිඹුවක් නෙමෙයි.
පරිසරයේ ස්වභාවික පිළිබිඹුවක් උපදවන්න අදහසක් නැහැ.
මෙයින් පෙන්වන්නට හදන්නේ දඟකාර සිත් පිනවන අභිලාෂයන්.
ආවේගයන් ගැන, වස්තු සම්පත් ගැන, ආදරය සහ ආශාවන් ගැන පින්තූරයක්.
මේ පින්තූරය අඳින්නට මුදල් දී ඇත්තේ මැඩාම් පොම්පඩූරා විසින්.
ඇය තමයි රජුගේ අනියම් කාන්තවක් වූවා යැයි සැලකෙන්නේ.
සමහර අය කියනවා මෙහි වීනස් නිරූපනයට චිත්‍රයට පෙනී සිටියේ ද ඇයයි කියා.
ඇය රූමත්බව කියාපාන ආදර්ශයක් වූවා.
මේ පින්තූරය ඒ කාලවකවාණුවේ තිබි උනන්දුව පෙන්නුම් කරන්නක්.
මෙය ප්‍රංශ විප්ලවයට පෙර අඳින ලද්දා වූවක්.
මෙම චිත්‍රය අවධානය යොමු කරන්නේ ආවේග වලට, සිත් පිනවන ශාරීරික තෘප්තියට.